මිතුරු නිලමේ මටම සතුරුව
අප නසන්නට කරපු වෑයම
නුඹ නොදන්නව නොවෙද සොඳුරිය,
තනිව මේ ලෙස තැවෙන මා හට
නුඹේ දුක් ගිනි නොදැනුනා නොවැ,
රාග ගින්නෙන් ගිලුනු රජ තෙම
නුබේ ගෙල සිඹි බවත් ඇසුණා
කෝප ගෙන නුඹ මාම පතලා
රජුට තැලු බව කෙනෙක් කීවා
මගේ සිහ රට මුදා ගන්නට
වීර පෑ මුත් පරන් පරදා,
මගේ ජීවය මටම නැති වුණි
අදත් මට නෑ සමා සත්තා
වැව් පතුල සීතල දැනේවි ද ?
මාත් එන්නද නුඹව සොයලා
දරුවො දංගෙඩි සිම්ඹ වගනම්
ගම් වැසියො අඬ අඬා කීවා
පුංචි පුතු වීරයෙකි අද රට
මා ගැනම මට ලැජ්ජා හිතුණා
මගේ පතිනිය සමා දෙනු මැන.....
නමුදු.....,
පලක් නෑ දැන් සමා පතලා......
✍️ සුදී....