තනිය නොබලම තනි කරපු තැන
කිරි බිලිදු බර තනිව දැරුවම
ගෑනු මොහිනියෝ වෙනවමයි
සුදු සාරි රතු පාට කරගෙන
කොල ලයිට් රතු පාට වෙන තැන
අසුන් පිට නැගි රාජ කුමරුන්
වඩින තුරු මග රකිනවාමයි
කැන්දගෙන යන රාජ කුමරුන්
පුරෝහිතයන් ගෝල සෙබළුන්
රතු සාරි තව රතු පාට කර
පනම් දෙක තුන මිටෙහි මොලවයි
පස්ස නොබලම හතිය නොබලම
රෙද්දකින් ඇති හිතේ නිරුවත
වහන්නට බැරි බවත් දැන දැන
රෙද්ද අන්දන බිලිදු නලවන
පිරිමි ඇත්දැයි සොය සොයා යයි
සුපුරුදු තේමාවක් දෙස වෙනස් විදියක බැල්මක්. අගෙයි.
ReplyDelete