Friday, November 5, 2021

ඇහැළේපොළ නිලමෙතුමාගෙන් තම ආදරණීය බිරිඳට ලිපියක් ...

 


සමාවෙන්න ......,

මිතුරු නිලමේ මටම සතුරුව

අප නසන්නට කරපු වෑයම

නුඹ නොදන්නව නොවෙද සොඳුරිය,

තනිව මේ ලෙස තැවෙන මා හට

නුඹේ දුක් ගිනි නොදැනුනා නොවැ,


රාග ගින්නෙන් ගිලුනු රජ තෙම

නුබේ ගෙල සිඹි බවත් ඇසුණා

කෝප ගෙන නුඹ මාම පතලා

රජුට තැලු බව කෙනෙක් කීවා


මගේ සිහ රට මුදා ගන්නට

වීර පෑ මුත් පරන් පරදා,

මගේ ජීවය මටම නැති වුණි

අදත් මට නෑ සමා සත්තා


වැව් පතුල සීතල දැනේවි ද ?

මාත් එන්නද නුඹව සොයලා

දරුවො දංගෙඩි සිම්ඹ වගනම්

ගම් වැසියො අඬ අඬා කීවා


පුංචි පුතු වීරයෙකි අද රට

මා ගැනම මට ලැජ්ජා හිතුණා

මගේ පතිනිය සමා දෙනු මැන.....

නමුදු.....,

පලක් නෑ දැන් සමා පතලා......


✍️  සුදී....



















12 comments:

  1. ඔබගේ බ්ලොගය සඳහා අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොළමේ ඉඩක් වෙන් කොට ඇත! එමගින් ඔබගේ බ්ලොගය තවත් ක්‍රියකාරී බ්ලොග් රචකයින් බොහොමයක් දකිනු ඇත! අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයෙන් හැකි උපරිම ප්‍රචාරයක් ලබා දෙන්න!

    ReplyDelete
  2. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොළමවෙතට මාරු කලෙමු. එම කොළම වෙන්කොට ඇත්තේ දුණන් මැවුම් සඳහාය. නොවැම්බරයට පෙර ඔබ බ්ලොගය පටන් ගත් වගක් පෙනී නොයයි! ඔබ වැනි අලුතින් බ්ලොග් ලියන අය සඳහා විශෙෂ අවධානය ලැබීම සඳහා මෙම කොළම සකස් කොට ඇත. එමගින් ඔබගේ බ්ලොගය තවත් ක්‍රියකාරී බ්ලොග් රචකයින් බොහොමයක් දකිනු ඇත! අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයෙන් හැකි උපරිම ප්‍රචාරයක් ලබා දෙන්න!

    ReplyDelete