Thursday, January 27, 2022

දහමේ සළුව පොරවා ගති පටාචාරා....

 











ආල කෙළෙමි මව් පිය හැරදා               ලොබින

නෑ පැතු සම්පතක් හැම හැරදා                  සිතින

දුක්කම් කටුලු ආවත් පසුපස                    නිතින

කල් ගත කළෙමු හිත් දුක් ගිනි නොම      දැනින


සප විෂ රිඳුම් දුනිදෝ පා යුගල                    මත 

පොඩි පුතු ගෙන ගියා උවදුරු උකුසු            ඇස

ගං දිය ගිල ගනී මා පුත නොසිතු                ලෙස

මට පමණක් අහිමි වුණෙ ඇයි  මරණ           විස


හිස කරකැවෙයි දෙලොවක් නොදැනෙයි           මෙලෙසේ

සිහි වෙයි ආදර ම මව් පිය සෙනේ                             රසේ

දැන් ඵල නැතිය යමි මා හිස හැරුණු                         දෙසේ

මා පිය දෙපළ ගෙයි ගිනි මැද ගොසින්                      ඇතේ


දරු දුක දැඩිය අපමණකය කියා                                 නැත

හිමි සඳ නැති මගේ පාළුව හිත                                   දවත

මා පිය දුන්න ගිනි ආපිට පැමිණ                                  ඇත

හිස හැරි අතට නිරුවත වුව මතක                              නැත


හැම ගල් ගසා එලවා පලවා                                    දමති

බුදු ගෙයි පිහිට දැන් මට පින අවැසි                          ඇති                          

සළුවෙන් දහම් මා ගත සිත                                නිවාලති

අහිමිව ගිය දේයින් නිවනේ  දොර                       ඇරෙති


හැම දේ නැතිව යයි නැති විට දුකක්                        දැනේ

හිමි දේ අහිමි වන බව හිත කරුණු                         පෙනේ

දහමින් අන් මඟක් නැත හිත නිවන                       සෙනේ

සදහම් සරණ යමි බුද්ධං සරණ                                ගතේ


සුදී...


9 comments: