ඇඳ පිරුවට සිනිඳු සිහිල්
ගෙන මල් පෙති සුවඳ නෙළුම්
බලන් සොඳුරු අඟන රැඟුම්
පවුරක ඇඳි රූ....
ඇතැමුන් බල අහක දෙස
නෙළුමන් ගෙන සුවඳ දස
සිතුවම් දඬුවම් විඳිමින්
පවුරක කොටු වී....
අනඟ මේඝ විජ්ජු ලතා
සිඳඟන වෙස් ලදුව ඉතා
කම් රග සිත් මනබඳිමින්
කුමක් කරම් දෝ...
කසුප් රජුන් දවස එදා
දිවි තොර ගති ගලෙන් හෙලා
සිතුවම් දඬුවම් විඳිමින්
තාම හිඳී දෝ...
කවි සිත්තෝ කවි ලීවෝ
රන්වනු දැක තුටු වූවෝ
බලන් අසිරි අවට රුසිරු
පවුරු මුදුන් වී...
අදත් හිඳී බලා වටෙස්
එදා සේ ම එක බැල්මෙන්
කසුප් රජු ද වෙන කවුරු ද
එනවයි කීවේ...
සුදී...
හ්ම්....
ReplyDeleteඒක ලස්සනයි 🥺🖤
ReplyDeleteලස්සනයි..
ReplyDelete🤩✍️
ReplyDelete❤️❤️
ReplyDeleteලස්සනයි ❤️❤️
ReplyDelete❤❤
ReplyDelete