Tuesday, January 25, 2022

සතුට

 







සඳක් වෙන්නට අවැසි නෑ මට

සැවොම සුන්දර කතා කියනා

පුංචි තරුවක් උනා නම් ඇති

ඈත අයිනක තනිව හිඳිනා

සත් පාට දේදුන්නෙ ඵල කිම

වැහි පොදේ නෙක රටා මවනා

පුංචි විහඟෙක් උනානම් ඇති

සැහැල්ලුව හරි අගෙට විඳිනා

මහා බර කර දරාගෙන යන

ගැලක ගවයෙක් වෙන්න වේ නම්

රටේ නැති දේ හිතේ පුරවන්

දොඩම් ගොඩ තනිවම බදා නම්

කාසි වතු පිටි ජීවිතේ කොට 

බැංකු පොත් පුරවා ගනී නම්

කොයි ද සැනසුම හිතේ කෙතෙන ද

එහෙම ජීවිත මට එපා දැන්

මොනම  දේවත් තිබී ඵල නැත

හිතේ සතුටක් නොම දැනේ නම්...


සුදී...

3 comments: