Monday, January 17, 2022

කිව හැකි ද කතාවක්....?

 කඳුළක රසයකින් කිව හැකි ද 
දුක සතුට...
සිනහවක මිහිරකින් කිව නොහැක 
එහි අරුත...
එදා ආදර වදන් නොවේවි ද
අද රිඳුම....
මිනිසු නම් විසකුරුය
වෙනස් වෙයි තැන අනුව....

ඇඳුමකින්, පැළඳුමෙන් මැනිය හැකි 
වේද සිත්....
මුව මලින්, පැහැ ගතින් දැකිය හැකි 
වේද ළත්...
හැකි වෙනම් පිට ඔපෙන් විචාරය
මිනිස් වත්...
ඔබට හැක මුහුද වුව 
මනින්නට දෑතකින්...

 සැමට ඇත දුක සතුට
පිරුණු තම රටාවක්...
එය නොදැක මතුපිටින්
කිව හැකි ද කතාවක්.....? 

සුදී...

Friday, November 5, 2021

ඇහැළේපොළ නිලමෙතුමාගෙන් තම ආදරණීය බිරිඳට ලිපියක් ...

 


සමාවෙන්න ......,

මිතුරු නිලමේ මටම සතුරුව

අප නසන්නට කරපු වෑයම

නුඹ නොදන්නව නොවෙද සොඳුරිය,

තනිව මේ ලෙස තැවෙන මා හට

නුඹේ දුක් ගිනි නොදැනුනා නොවැ,


රාග ගින්නෙන් ගිලුනු රජ තෙම

නුබේ ගෙල සිඹි බවත් ඇසුණා

කෝප ගෙන නුඹ මාම පතලා

රජුට තැලු බව කෙනෙක් කීවා


මගේ සිහ රට මුදා ගන්නට

වීර පෑ මුත් පරන් පරදා,

මගේ ජීවය මටම නැති වුණි

අදත් මට නෑ සමා සත්තා


වැව් පතුල සීතල දැනේවි ද ?

මාත් එන්නද නුඹව සොයලා

දරුවො දංගෙඩි සිම්ඹ වගනම්

ගම් වැසියො අඬ අඬා කීවා


පුංචි පුතු වීරයෙකි අද රට

මා ගැනම මට ලැජ්ජා හිතුණා

මගේ පතිනිය සමා දෙනු මැන.....

නමුදු.....,

පලක් නෑ දැන් සමා පතලා......


✍️  සුදී....



















Thursday, November 4, 2021

අවලස්සන සිහිනයක්

 



ගම ඉද්දර වැව් කන්ඩියේ 

වෙනද නැති මූසලක් තිබුණා

වැවේ දියරැල් මොන මොනවදෝ 

මුමුණ මුමුණා ඉවුරෙ හැපුණා

ඈත අයිනක පුංචි නෙලුමක 

රතු පාට පිනි බිංදු වැටුණා 

ඉරත් මෙච්චර උදහනැක්කෙම 

අවරගිරටම ගිලී දිලුණා 

ගෙදර දොරකඩ මහ දවාලේ 

සුදු පාට මීදුමක් බැදුණා 

අප්පච්චි නැති පාලු ගෙයි මැද

සුදු රෝස මල් සුවඳ තිබුණා ...


✍️ සුදී....