Monday, January 24, 2022

පරිසරයෙන් සාහිත්‍යමය රසයක්....

  යාවත්කාලීන වන සමාජයත්, සාහිත්‍යත් සමඟ නව න්‍යාය ප්‍රවේශයන් ද කරලියට පැමිණෙනු දක්නට ලැබෙයි. ඒ අතර සාහිත්‍ය කෘති “පාරිසරික විචාර දෘෂ්ටි කෝණයකින් විමසීම” දක්නට ලැබෙයි. මිනිස් හැඟීම් පරිසරය ආශ්‍රිතව ගොඩනඟමින් විදහා දක්වන ආකාරය මෙහි දී විමසුමට ලක් කරයි. මානව කේන්ද්‍රීය චින්තනය හරහා දුරස් කරන ලද්දා වූ මිනිසා සහ පරිසරය අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය සාහිත්‍ය හරහා ඔප්නැන්වීමට දරන උත්සාහයක් ලෙස පරිසර සාහිත්‍ය විචාරය  හඳුනාගත හැකි ය. පරිසරය හරහා ඉස්මතු කරන මිනිස් කලා සාහිත්‍ය පුනර්ජීවනය මෙහි දී ඉදිරියට පැමිණෙයි. සාහිත්‍ය තුළ පාරිසරික දෘෂ්ටි කෝණයකින් විචාරය කිරීම මෑත කාලීනව ‍වේගයෙන් වර්ධනය වූ මාර්තෘකාවකි. විශේෂයෙනි වර්තමානය වන විට “පරිසරවේදී නවකතා” යනුවෙන් වෙනම ආරයක සාහිත්‍ය රසෝඝයක් ලෝකය පුරා වර්ධනය වෙමින් පවතිනු දක්නට ලැබෙයි. පරිසරය කෙරෙහි මිනිස් චෛතිසකය රැඳවීමට දරන උත්සාහයක් වන මෙහි දී සාහිත්‍යට මෙන් ම පරිසරයට ද නවමු දැක්මක් සහ රසයක් එක් කරයි. මෙම න්‍යාය ආරම්භ වූයේ කවදාදැයි නිශ්චිතව කීමට නොහැකි මුත් මෙහි මූලික අවධිය ලෙස විලියම් රූකට් ( William Rucker - 1855 ) ගේ “සාහිත්‍ය සහ පරිසර විද්‍යාව පරිසරවාදයේ අත්හදා බැලීමකි”(Literature and Ecology - An Experiment In Ecocriticism) නම්  ලිපිය සැලකිල්ලට ගත හැකි ය. මෙම ලිපිය තුළ මූලික අවධානය යොමු කොට තිබෙන්නේ සාහිත්‍ය අධ්‍යයනය සඳහා පරිසරවේදය සහ පාරිසරික සංකල්පය යෙදීම සම්බන්ධවයි. ඔහු දක්වන්නේ “පාරිසරික විචාරය යනු පරිසරය විනාශ වන යුගයක ස්වාභාවික ලෝකය සමඟ අපගේ සම්බන්ධතාව පිළිබඳ මානවවාදී අවබෝධයක් සඳහා ඇති අවශ්‍යතාවට ප්‍රතිචාරයකි. දෙවනුව, පාරිසරික අර්බුද ඇති වන්නේ මානව වර්ගයා ස්වාභාවික ලෝකයෙන් විසන්ධි වීම නිසා වන අතර එය තාක්ෂණය දියුණු වීම නිසා පමණක් නොව විශේෂීකරණය නිසාවෙන් ද සිදුවේ. පාරිසරික විචාරය යනු අන්තර් විනයයි. (https://lankaweb.lk/archives/37490). ‘Eco’ යන උපසර්ග පදයෙන් ඉංග්‍රීසි බසට පරිසර විද්‍යාව (Ecology) බිඳී ආ අතර න්‍යායක් ලෙස එය අධ්‍යයනය කරන විට ගැඹුරින් අධ්‍යයනය කරනු නොපෙනේ. විකිපීඩියා සාහිත්‍ය පවා දක්වන්නේ පහත පරිදි අදහසකි. “Ecocriticism is the study of literature and environment from an interdisciplinary point of view where all science come together to analyze the environment and brainstorm possible solution for the correction of the contemporary environmental situation (Wikipedia).    මීට අමතරව “සාහිත්‍ය න්‍යාය සහ පාරිසරික විචාරය” (Literary Theory and Environmental Criticism) නම් නිබන්ධනය හරහා ද  නස්රුල්ලා මැම්බ්‍රොල්(Nasrullah Mambrol) පරිසර විද්‍යා විචාරයට අවධානය යොමු කොට තිබේ. පාරිසරික විචාරය සාහිත්‍යය තුළ මිනිසා සහ ස්වභාවික ලෝකය අතර සම්බන්ධය විමර්ශනය කරයි. . එය පාරිසරික ගැටලු, පරිසරය සම්බන්ධ සංස්කෘතික ගැටලු සහ ස්වභාවධර්මය පිළිබඳ ආකල්ප ඉදිරිපත් කරන ආකාරය සහ විශ්ලේෂණය කරන ආකාරය සමඟ කටයුතු කරන අතර . පාරිසරික විචාරයෙහි එක් ප්‍රධාන ඉලක්කයක් වන්නේ ස්වභාවධර්මයට සහ පාරිසරික අංශයන්ට සාපේක්ෂව සමාජයේ පුද්ගලයන් හැසිරෙන ආකාරය සහ ප්‍රතිචාර දක්වන ආකාරය අධ්‍යයනය කිරීමයි. පාරිසරික විනාශය, පිළිබඳ සහ දියුණුවන තාක්‍ෂණය හේතුවෙන් මෑත වසරවලදී මෙම විවේචන ආකෘතිය  විශාල අවධානයක් දිනා ඇත. එබැවින්  එය සාහිත්‍ය සහ න්‍යායාත්මක අධ්‍යයන ක්ෂේත්‍රයට නව මානයන් ගෙන එන සාහිත්‍ය ග්‍රන්ථ විශ්ලේෂණය කිරීමේ සහ අර්ථකථනය කිරීමේ නැවුම් ක්‍රමයක් වේ. . Ecocriticism යනු හරිත සංස්කෘතික අධ්‍යයනය” ,පරිසර විද්‍යාව” සහ “පරිසර සාහිත්‍ය විචාරය ඇතුළු වෙනත් නාම ගණනාවකින් හඳුන්වනු ලබන චේතාන්විතවම පුළුල් ප්‍රවේශයකි. 

 “කාන්තාවට පමණක් ප්‍රසූත කිරීමේ හැකියාව ද කාන්තාරයේ ඇපල් ගසක් වර්ධනය නොවීම තළ පවා.........ඒ ප්‍රස්තුතයට විරුද්ධව මානවයා තමන්ගේ අවශ්‍යතාවයට අනුව පරිසරය වෙනස් කර ගනී. පරිසරවාදීන් දැඩි ලෙස අවධාරණය කරන්නේ මෙයයි” (දිවයින 2013. 04.13 -වටමඬල 3 පිටුව). “2007 වසරේදී ඔහු විසින් ප්‍රකාශයට පත්කරන්නට යෙදෙන ඔහුගේ කුළුඳුල් නවකතාව වන බත්තලංගුණ්ඩුව ඔහුගේ ගද්‍ය රචනය පිළිබඳව හැකියාව පාඨක ලෝකයට ඉදිරිපත් කළ සුවිශේෂි සංධිස්ථානයකි. බත්තලංගුණ්ඩුව ගැන විවිධ විචාර ප්‍රවේශයන් ඉදිරිපත් ව තිබුණ ද පාරිසරික දෘෂ්ඨි කෝණයෙන් එය පිළිබඳව යම් අධ්‍යයනයක් සොයාගන්නට නොහැකි විය. එනිසාම මෙම සුවිශේෂි කෘතිය පාරිසරික දෘෂ්ටි කෝණයකින් අධ්‍යනය කළ යුතු බව තීරණය කළෙමි.......“ කලපුව  හිරුරැස් ගිලිහුණද ආකාසේ අඳුර ගිලිහී නොයයි. පෙරඹර බොහෝ ඈත ය. හිරු නැගෙන තැන සිට කෙතරම් ඈතට කිරණ විහිදුවන්නේ වුව එළිය පතිත වන්නේ මෑත බිමට ය. අහස මත්තේ අංශුවෙන් අංශුව බෝවී බෝවී එළිය වැතිරෙන්නේ සුනංගු පියවරෙන් පියවර මනිමිනි. පිටුව 01 (වෙඩිවර්ධන මංජුල, බත්තලංගුණ්ඩුව( (මණ්ඩාවල  2022 - ඉරිදා ලංකා පුවත්පත). ලාංකේය පුවත්පත්කරණය පවා පරිසර සාහිත්‍ය විචාර න්‍යායට අවධානය යොමු කරමින් පවත්නා බැව් මේ හරහා පසක් වෙයි. විප්ලවය සහ මානව ශිෂ්ටාචාරය, මානවයාගෙන් තොර සංස්කෘතික පැවැත්මක අවශ්‍යතාවය, පාරිසරික සංකල්ප සහ මානව අන්තර් සබඳතා, කාලය සහ අවකාශය ප්‍රශ්න කිරීම, සභ්‍යත්වය සහ සංස්කෘතික දර්ශනය ආදී වූ කාරණා මුලි කොට ගනිමින් කරන මේ න්‍යායික ප්‍රවේශය වත්මන් කාලීන අවශ්‍යතා මත ගොඩනැඟුණක් බව පෙනේ.

No comments:

Post a Comment