Friday, January 21, 2022

ඉදිරිය ම මිස හැරී බැලුමෙන් පලක් වේවි ද ජීවිතේ දී...

 

ගලන දිය වුව ඉඩෝරය මත

තබා යයි තිත කෙටි කලක දී....

වැටෙන වැසි වුව හඬා නවතී

හිරු මුදුන් වී පැමිණි විට දී....

දිලෙන මුතු පිණි පලා යයි

අලුයමින් හිරු නැඟ සිනාසෙද්දී....

මේරු ගස වුව කුණාටුව දී නිසල වේ 

බිම පතිත වී....

නොහැක යාමට අතරමඟ

කිසි කොයිම බාධා ආව දා දී....

 ඉදිරිය ම මිස හැරී බැලුමෙන් 

පලක් වේවි ද ජීවිතේ දී....    


සුදී...                                                           

3 comments: