මාක්ස්වාදය බොහෝ දුරට දේශපාලන මතවාදයක් ලෙස හඳුනා ගත්ත ද එය සාහිත්‍ය සම්බන්ධයෙන් ද විශ්වාසනීයත්වයක් සහ ආත්මීය ආභාසයක් ළඟා කරගත් සාහිත්‍ය විචාර න්‍යායකි. කාල් මාක්ස් (Karl Marx - 1818) විසින් හඳුන්වා දෙන ලද “මාක්ස්වාදය” 19 වන සියවසේ දී ලොව පුරා පැතිර යමින් ධනවාදයට සහ ලිබරල්වාදයට විකල්ප යෝජනා කළේ ය. මාක්ස්වාදී සාහිත්‍ය විචාරයේ මුල් අවධියේ දී අශිෂ්ට මාක්ස්වාදය නමින් හැඳින්වෙන දෙයට දායක වෙමින් බොහෝ මාක්ස්වාදී විචාරකයෝ සාහිත්‍ය ග්‍රන්ථ විචාර න්‍යායකරණයට ලක් කළෝ ය. මෙම චින්තනයේ දී සාහිත්‍ය ග්‍රන්ථ යනු ඕනෑම සමාජයක ආර්ථික පදනම අනුව තීරණය වන උපරි ව්‍යුහයේ එක් ලේඛනයක් වෙයි. එබැවින් ඔවුන් දක්වන්නේ සාහිත්‍ය ග්‍රන්ථ වනාහි සියලු සමාජ ආයතනවලට වඩා ආර්ථික පදනමේ පිළිබිඹුවක් ලෙසිනි. මානව සමාජ සබඳතා විග්‍රහයේ දී පවා මූලික වන්නේ ආර්ථිකයම බව ඔවුන් දක්වති. සාහිත්‍ය පවා සමාජ ආයතනයක් වන අතර කතුවරයාගේ දෘෂ්ටිය සහ පසුබිම මත සාහිත්‍යයේ තත්ත්වය තීරණය වන බව ඔවුන් දක්වයි.එමෙන් ම ඔවුන් දක්වන්නේ සංස්කෘතිය, කලාව, ජන මාධ්‍ය,අධ්‍යාපනය, නීතිය, දේශපාලන සහ සමාජ ව්‍යුහය යන උපරි ව්‍යුහයේ කොටස්, ආර්ථික ව්‍යුහය යන අධෝ ව්‍යුහය මත රඳා පවත්නා බවයි. ඉංග්‍රීසි සාහිත්‍ය විචාරක සහ න්‍යායාචාර්ය ටෙරී ඊගල්ටන් (Terry Eagleton-1943 ) මාක්ස්වාදී න්‍යාය පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසකි. ඔහු දක්වන්නේ මාක්ස්වාදය හරහා කම්කරු පංතිය පිළිබඳ පමණක් නොව සාහිත්‍ය කෘතියේ අභ්‍යන්තර ද විග්‍රහ කරන බවයි. මාක්ස්ට අනුව නිශ්පාදනවල සහ හිමිකාරිත්වය මත ගොඩනැගුණු පංති විරහිත සමාජයක් අපේක්ෂා කරන අතර ඔහු සහ ෆ්‍රෙඩ්රික් ඒංගල්ස් (Friedrich Engels-1820) කොමියුනිස්ට් ප්‍රකාශනයේ (The Communist Manifesto-1848) දක්වන්නේ ධනේෂ්වර යුගයේ අවසානය පංති විරහිත සමාජයක් බිහි කරන බවයි. පංති අරගලය, දේශපාලනය සහ ආර්ථික විද්‍යාව යන සංකල්පයන් හරහා මාක්ස්වාදී සාහිත්‍ය විචාර න්‍යාය සමාජගත විය. මාක්ස්වාදී විචාරය පසුපස ඇති අදහස නම් සාහිත්‍ය කෘති වනාහි සමාජීය සහ ද්‍රව්‍යමය තත්ත්වයන් දෙස බැලීමෙන් විග්‍රහ කළ හැකි ඉතිහාසගත නිමැයුමක් බවයි. ඔහු දක්වන පරිදි සරලව කියතොත් කතුවරයාගේ සමාජ තත්ත්වය, වර්ධනය වන චරිත වර්ග , ප්‍රදර්ශනය කරන අදහස් ආර්ථික ප්‍රකාශනයන් තීරණය කරන බවයි. 1920 ගණන්වලින් පසුව ක්‍රමානුකූලත්වයට පත් වූ මාක්ස්වාදී සාහිත්‍ය විචාර න්‍යාය රුසියාවේ 1917 ඔක්තෝම්බර් විප්ලවයෙන් අනතුරුව සමාජවාදී පරමාදර්ශය පිළිබඳ විශ්වාසනීය වෙනසක් ඇති කළේ ය. සමාජවාදී යථාර්ථයක් ඔප්නැන්වූ මෙහි දී පංති අරගලය විශේෂණය කරගත් කලා ව්‍යාපාරයක් ආරම්භ විය. මෙම කලා ව්‍යාපාරය පදනම් කරගනිමින් ආරම්භ වූ මෙම සාහිත්‍ය න්‍යාය සෝවියට් සංගමයේ සාහිත්‍ය නිර්මාණ සහ නිල සාහිත්‍ය විචාර යන දෙපාර්ශවයටම මඟ පෙන්වූ අතර එහි දී විවිධ සමාජ පංති සහ ජීවිත කෙරෙහි අවධානය යොමු කරන ලදී. එතැන් සිට වසර කිහිපය තළ දී සාහිත්‍ය න්‍යාය සම්බන්ධයෙන් තිබූ දුර්මත දුරු කරමින් සාහිත්‍ය වනාහි සාහිත්‍ය නිර්මාණයක විශ්වාසයන්, ආත්මීය ආභාසයන් සහ කතෘගේ බාහිර පසුබිමෙහි මෙන් ම විෂයානුබද්ධ දැනුමේ ප්‍රථිඵලයක් බව පිළිගැනීමට ලක් වුණි. මෙම විශ්වාස පද්ධතිය සමාජ පංති මෙන් ම සමාජ, ආර්ථික සහ දේශපාලනික සංවර්ධනය මත රඳා පවතින බව මාක්ස්වාදී විචාරක මතයයි. මෙම න්‍යාය නව රුසියානු ව්‍යාපාරයේ මතවාදයත් සමඟ බද්ධ වෙමින් ලොව පුරා ප්‍රචලිත විය. සෝවියට් සංගමයේ බොහෝ කෘති පසුපස ඇති මූලධර්මය මෙය වන අතර බොහෝ බටහිර ලේඛකයන්ගේ අදහස් සඳහා ද මාක්ස්වාදය බලපෑවේ ය.
Monday, January 17, 2022
මාක්ස්වාදයෙන් සාහිත්‍යයට විචාරයක්...
නූතන සිංහල සාහිත්‍ය
විචාරයේ පුරෝගාමියෙකු වුණු මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ වී. ප්ලෙහානව්, වෝල්ටර් බෙන්ජමින්, ජෝර්ජ් ලුකාෂ් ආදී මාක්සියානු සම්ප්‍රදාය
පෝෂණය කළ පිරිසගේ දැනුම ද කැටි කොට ගනිමින් මාක්ස්වාදය වර්ධනය කළේ ය. “මෙහි දැක්වෙන ආකාරයට මාක්ස්වාදී න්‍යාය විසින් සාහිත්‍යකරණයට
දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර මාක්ස්වාදී ආවර්ජනයන් බොහොමයක් එම කෘතිවල අන්තර්ගත
වෙයි. මාක්ස්වාදී න්‍යායික එළඹුම මැනවින් සංග්‍රහ කිරීමටත් එය භාරතීය රස ධ්වනි ආදී
සංකල්ප මෙන් ම එළියට්, අයි.ඒ. රිචඩ්ස් ආදී මානවවාදීන්ගේ භාෂිතයන්ගෙන් ඔප මට්ටම් කිරීමටත්
මාක්ස්වාදී සම්ප්‍රදාය වර්ධනය කිරීමට භාවිත කළ හැකි වූ සියලු අදහස් එක් කැටි කොට
ගැනීමටත් ඔහුට හැකි විය.” (https://da-dk.facebook.com/notes /8A /477437359078660/). “මාක්ස්වාදී
සාහිත්‍ය විචාරයේ... එහි පශ්චාත්කාලීන වර්ධනයන්හි ප්‍රධාන ධාරා නියෝජනය කරන
ප්ලෙහනොව්... ආදීන්ගේ මත වාද හා විවරණ සිංහල පාඨකයා පළමු වරට හැඳිනගන්නේ මේ
කෘතියෙනි”( https://www.silumina.lk/2018/01/27/% ). “මාක්ස්වාදීන්
කලා කෘතියක් දෙස බලා ඒ තුල සමාජ ප්‍රකාශයක් හැම විටම දකිනවාද? එහෙමනම් ඒ ඇයි? මාක්ස්වාදීන් කලාවට
නීති රීති පනවනවාද? මේ ආදී ප්‍රශ්න හැම විටම මතු වෙනවා. ඉතිහාසයේ මාක්ස්වාදී
පාලකයින් ලෙස ඉදිරිපත්වූ
අය ගත් පියවරයන් ගැන බැලුවහමමෙහෙම ප්‍රශ්න නගන එකත් හොඳයි. මොකද? පැහැදිලි
කළ යුතු කරුණක් තිබෙනනිසා.”(කරුණාරත්න 2019). ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නයන් කලාව පිළිබඳ
මාක්ස්වාදී විවරණයක් කරනු පසුගිය සමයේ දක්නට ලැබුණි.මේ ආදී ලෙස බලන කල්හි සමාජ
පංති අරගලයෙන් නැගී සිටි මාක්ස්වාදය, කලාව වෙතට ගොස් “මාක්ස්වාදී සාහිත්‍ය විචාර
න්‍යාය” නමින් ලොව පුරා විහිදුණු විචාරකයින්ගේ පෑන් තුඩඟින් රසික සිත් චිත්‍රනය
කොට හමාර ය.
සුදී...
Subscribe to:
Post Comments (Atom)
👌
ReplyDelete🖤
ReplyDelete