Tuesday, January 18, 2022

ගැහැණිය කවුරුන් ද.....

 කිසිදා කාට හෝ සම කළ නොහැකි, ගැහැණිය ගැහැණිය ම විය...







                                                           


 

වරදක දි කාලියකගෙ වෙස් ගත්

ආලයෙ දි පත්තිනි සලඹ ගත්

ප්‍රේම වදනින් මුලාවට පත්

ගැහැණිය ම ගිනි කන්දකී....


පිරිමි හිරිහැර තැන නොතැන වත්

 බිම බලා හිස හැම දරා ගත් 

හැමගෙ බැල මෙහෙවර පුරා ගත් 

ගැහැණිය ම උණු කඳුළකී...

                                                                               

 මසක් ගානේ ඇඟට ගිනි ගත් 

 නව මසක් නව පණක් රැක ගත්

 වේදනා පිට වේදනා ලත්

ගැහැණිය ම සම ගැහැණියකී...


සුදී....


3 comments: