Tuesday, January 18, 2022

උප්පැන්නේ බෞද්ධයෝ....

 


                            ලබන්නට පින ලැබී ඇති මුත් - දකින්නට වරමක් නොමැති වූ

                            අසන්නට සිත් පිත් හිමිව ඇත් - ඇසෙන්නට කන් වාරු නැති වූ

                           

                             වඳින්නට වාසනා ඇති මුත් - අහක බලනා පව්කාර හිත්

                            දකින විට වෛවර්ණ කැටපත් - හඬ නගා යති සාධු සාධූ


                            ගමේ පන්සල වැන්ඳ පින් නැත - නගරෙ ධර්මය හොයා දුවතී

                           වෙසක් පෝදා රැක්ක සිල් නැත - දන්සලේ සිල් පහම රකිතී

                           

                            ගමේ හිමි සඳ අපෝ හොඳ නැත - රේඩියෝවේ දහම් අසතී

                            දුගියෙකුට දිය පොදක් නොදෙනා - කැමරාව ළඟ පණත් පුදතී


                            රටේ සිව් කොණ ගිනි දැවෙද්දී - බුදුන් වැඩි රට කියා කියතී

                            හිතේ නැති සිල් කටේ මොකට ද - බුදුන් දුටුවොත් කඳුළු සලතී

                           

                           සුදී...

3 comments: