Tuesday, January 18, 2022

දික්කසාද වන්නට මත්තෙන් මෙසේ පාපොච්චාරණය කරමි...


 මා ඔබට මාව පැවරූයෙමි

නම, ගම, වාසගම කියා

මා ඔබට මාව පැවරූයෙමි....

ඔබ ද ඔබව මට පැවරූ බව සිතුවෙමි

ඔබේ රුවක් මගේ ලෙයින් මවන්නට පින් නොලද්දෙමි

දැන ගතිමි නම් පෙර මීට

තබන්නේ නැත හිමිකමක්

නැවත පවරා ගත නොහැකි ලෙසින්...

ඔබ මට හමුවුණු දා මට මා හමුවුණා යැයි සිතුවෙමි

මුසාවකි.,

මට මා ද අහිමි විය...

හිත ගිනි ගෙන දැවෙන ගින්නේ උණුහුම ගෙන 

අවසන් වරට ඔබට ලියමි

කිසිදා මෙසේ වෙන්ව යන්නට නැවත හමු නොවන්නෙමි...

මා සිතේ ඔබ කෙරේ ඇති  සෙනෙහස සැබෑවක් මැයි,

ළඟ සිට විඳිමට නොහැකි තැන 

දුර සිට දරාගන්නනට තීරණය කළෙමි....


සුදී...


2 comments: